#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ

1 comments

රාජාධි රාජසිංහ රජුගේ රාජගුරු පදවිය දැරූ මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවන් ගැන ලොකු පැහැදීමක් මේ රජුට තිබුණා ඒ වුනත් වතාවක් හාමුදුරුවන් ගැන පැතුරුණු කට කතාවක් නිසා රජතුමා කලබල උනා මේ කතාවෙන් කියැවුනේ මොරතොට හාමුදුරුවන් වැඩ සිටි මැද පන්සලට නිතර දෙවේලේ ගැහැණුන් යන එන බවයි මේ කතාවේ ඇත්ත නැත්ත පරීක්‍ෂා කරලා බලන්ට රජතුමා කල්පනා කළා දවසක්දා රජු ගැහැණු ඇඳුමෙන් සැරසිලා හැන්දෑ වේගෙන එන වෙලාවට මැද පන්සල පැත්තට ගමන් කළා මොරතොට හාමුදුරුවන් වැඩ සිටි කුටියේ බරාදය දිගේ ආපු රජතුමා එහි තිබුණු පුංචි කවුළුවෙන් කුටිය පරීක්‍ෂා කළා ගුරු හාමුදුරුවෝ පුස්කොළ පොතක් බලබලා කුටියේ වැඩ ඉන්නවා රජතුමා තමාගේ අත කවුළුවෙන් ඇතුලට දැම්මා බැලු බැල්මට ඒක ගැහැණු කෙනෙකුගේ අතක් වගේ වළලු කීපයකුත් තිබුණු හින්දා එහෙත් මේ අත කාගේද කියලා හාමුදුරුවෝ එක පාරටම අඳුනා ගත්තා උන් වහන්සේ කවියකින් මේ විදිහට අහනවා 


සකල මුව තඹර සියොගත සියුමැලි   යේ 
අසලක නම් දැක දැක ඉන්ටත් පිරි    යේ
ඇසල මස දිටිමි යනවා දෙව් කෙලි    යේ 
සකල සිරි ලකට අග රජ නුඹද ලි        යේ 

මේ කවිය ඇහුණාම රජතුමාගෙන් ලොකු ලැජ්ජාවක් වගේම වේදනාවක් ඇතිවුණා තමා මෙහෙම සමච්චල් කලේ තමාගේ ගුරු හාමුදුරුවන්ට නේද කියලා කනගාටුවකුත් උපන්නා රජු කවියෙන්ම මේ විදිහට ප්‍රකාශ කරනවා 


අමර ගුරු හරණ සත දත් පිනා       වන් 
විතර නොවන ගුණ කඳ සපිරිනා   වන් 
පවර පසිඳු සඳ මොරතොට මනා   වන්
සසර වසන තුරු මට වාසනා         වන්

තද තෙද ගැඹුරු නම් සත දැන ගෙන යෙහෙ   න 
ඔද සිඳ   පසිඳු   නෙත   හරි   මුවරද ලෙසි       න
හද නද කරන මොරතොට යතිඳුගේ සව         න
වැඳ   වැඳ   හිඳිමි   සිරිපා  යුවළ දින    දි         න

මොරතොට  දහම්   කඳ  නායක යතිඳු හ        ට
නරදෙට   මෙමා  බුහුමන්  කරපු  හැටිය         ට 
වරිගෙට ගෝල නමකට ඔබගෙ යමෙකු         ට 
වරදට  යමක්  නොකරමි   මින්   ඉදිරිය         ට

රජතුමා ධම්මක්ඛන්ධ හාමුදුරුවන් කෙරේ කොතරම් පැහැදුනාද කියතොත් උන් වහන්සේටත් උන්වහන්සේගෙන් පැවතෙන ශිෂ්‍ය පරම්පරාවටත් නොයෙකුත් වරප්‍රසාද දුන් බව මුඛ පරම්පරාගතව කියවෙනවා මේ පරම්පරාවේ කෙනෙකු වරදක් කලත් ඒකට දඬුවම් කරන්න එපා කියලා රජතුමා නියෝග කළාලු   

Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine